Thursday, June 3, 2010

වලා අතුල සිරි යහනේ

වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්ධයෙන් නැලවෙන
ලතා මඩුල්ලෙ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
නොදරුවකු අතින් බොඳ වුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රැහැනකින් දස අත රටා වියනවා...

කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැ‍ටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...

වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්දයෙන් නැලවෙන
ලතා මඩුල්ලෙ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

6 comments:

  1. මම මේ ගීතය මේ අඩවියේ පලමුවෙන්ම පල කරන්නට හිතුවේ එහි තියෙන අපූර්ව චමත්කාරය නිසාමයි! පද රචනය සරල නමුත් සංයමයෙන් ලියවූවක්.

    මෙහි තියන යෙදුම් හරිම නැවුම් වගේම හරිම පහසුවෙන් සිත ස්පර්ශ කරනවා! පුංචි කතාවක් පොඩි දරුවෙකුට කියලා දෙන හැඟුමක් හිතට දැනෙන්නේ එක මොහොතකදී. තවත් මොහොතකදී එය ජීවිතය ගැන බරපතල විවරණයක් හිතට දැනෙන විදිහට ඉදිරිපත් කරනවා!

    මෙහි මම දකින චමත්කාරය ගීතයෙන් සිතේ මැවෙන රූප සටහන් ගීතය අවසන්වන තුරාවටම බාධා නැතිව ගලාගෙන යන්නට ඉඩ සැලසීම!

    මෙහි ගායනය හා මියුරුතම සංගීතයෙන් අතිශයින් ගීතය වර්ණවත් වන බැව් අවිවාදාත්මක වුවත් ගීතයට පද රචකයාගෙන් සිදු වූ මෙහෙය අපමණ බැව් මගේ හැඟුමයි!

    සමීර

    ReplyDelete
  2. මෙතනින් මේ ගීතයේ අපූරුව විඳින්න

    http://www.youtube.com/watch?v=DgoS_qlC5c0

    ReplyDelete
  3. I agree with you. Flows soo smooth and gentle in ur ears and mind .. yet makes ur thoughts a bit sad and something deep...

    ReplyDelete
  4. Mamath me geethaya ahuwe ade. Ube me vade sahena kaleka idan hite tibba deyak.Me vidiyata patan gatta eka gana bohoma isthuthii sahodaraya.Niyamai ada idala api katha karamu aluth vidiyakata.

    ReplyDelete
  5. සමීර,
    1. ලස්සන ගීතයක්!
    2. හොඳ උත්සාහයක්!
    3. අතහැර දැමීමක්!
    ඇයි ඒ? මේ බලන්න. http://hadageepotha.blogspot.com/

    ReplyDelete
  6. Ran

    very true i also felt the same kind of feeling, it takes us beyond words

    ReplyDelete